e-සෞඛ්‍ය

Friday, November 12, 2010

මොකක්ද මේ සෞඛ්‍ය ?
සෞඛය යනු පුද්ගලයකුගේ මානසික, ශාරීරික හා සමාජීය තත්වය හොද මට්ටමක, සමබර ව පැවතීමයි. බුද්ධ වචනයට අනුව " නීරෝගී බව පරම ලාභය වේ".  නිරෝගි  පුද්ගලයෝ රටක සම්පතකි ; සංවර්ධනයට  දායක වන්නෝ ය.
එතකොට e-සෞඛ්‍ය යනු කුමක්ද?
e යන වචනය දු‍ටු විට අපට හැඟීයන අර්ථය නම් electronic (ඉලෙක්ට්‍රොනික) යන්නයි. එහෙත් මෙයින් අදහස් වන අර්ථය වන්නේ empower (ඒම්පවර්) යන්නයි. එනම් සෞඛය සවිබලගැන්වීම යන අදහස ලබා දීමයි.
රටක සංවර්ධනය මනින එක් ප්‍රධාන නිර්ණායකයකි, සෞඛය.මේ නිසා රටක් දියුණු වීමට එහි හොඳ සෞඛයක් තිබිය යුතුයි. නමුත් වර්තමානයේ ලංකාව  මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ සෞඛයයි. ලංකාව පමණක් නොව දියුණු වෙමින් පවතින රටවලද මෙම  තත්වය දක්නට තිබේ.
ලංකාවේ පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් නම් සතුන් හෝ කෘමීන් මගින් බෝවන ලෙඩ රෝග, මන්ද පෝෂණය හා දියවැඩියාව වැනි බෝ නොවන වෙනත් ලෙඩරෝගයි. ලංකාවේ රජය මඟින් පියවර ගෙන ඇතත් සමහරෙක් ඒවා අසාර්ථක වී ඇත. ලංකාවේ ඇති රෝහල් මගින් නොමිලේ සෞඛ්‍යය පහසුකම් ලබා දුන්නත් , එය නිසි ක්‍රියා පිළිවෙලකට සිදු නොවන නිසා රජයේ රෝහල් මඟින් දරණ ප්‍රයත්නය අසාර්ථක වී ඇත. තවද කාලය ඉක්මව ගිය ඖෂධ භාවිතා කිරීම හේතුවෙන් අහිංසක ජීවිත නිරපරාදේ නැති වී ඇත. මෙවැනි ගැටලු හේතුවෙන් ලංකාවේ සෞඛය පහත් තත්වයකට පත්ව යැයි යන අදහස අප සියළු දෙනා තුළ ඇත.
ඉහත සඳහන් සෞඛය සම්බන්ධ ගැටළු සඳහා පරිගණකයෙන් විසඳුමක් දිය නොහැක. මන්ද යත්, පරිගණකයෙන් දිය හැකි විසදුම් අද සීමා වී ඇත. තවද මෙය  පරිගණකයෙන් විසදිය හැකි ගැටළුවක් නොවේ. එහෙත් පොදුවේ දිය හැකි විසදුම් ඇත.
දැනට බෝවන ලෙඩරෝග සදහා රජයෙන් පවත්වන ක්‍රියාමාර්ග නිවැරදි නමුත් ඒවා කාර්යක්ෂමව සිදු නොවීම කණගා‍ටුවකට කරුණකි . තවද සෑමවිටම  රජයට ඇඟිලි දිගු කිරිම නිෂ්ඵලයි. මන්ද යත්, රට පිරිසිදුව තබා ගැනීම අප සියලු දෙනා සතු වගකීමක් වන හෙයිනි. මිනිසුන් පෝෂදායි ආහාර වේලක් ලබගත යුතුයි. විශේෂයෙන්ම ළමුන්ට හා ගැබිණි කාන්තවන්ට හොද ආහාර වේලක් ලබ දිය යුතුය. මන්ද රටේ අනාගතය පවතින්නේ ඔවුන් අතේ වන බැවිනි. පාන් වැනි ආහාර වලට වහල් නොවී ගෙවත්තෙන්  ලබා ගත හැකි ස්වාභාවික ආහාර භාවිතය ප්‍රචලිත කල යුතුයි. දියවැඩියාව වැනි සුව වන හෝ සුව නොවන රෝග සදහා පාරම්පරික සිංහල  වෙදකම භාවිතා කල යුතුයි. මෙයින් අදහස් කරන්නේ ඉංග්‍රිසි වෙදකම  නොසලකා හැරීම නොව එම වෙදකම් ශාස්ත්‍ර  දෙකම භාවිතා කරමින් එවැනි ලෙඩ සඳහා  ප්‍රතිඵල ගෙනදෙන  බෙහෙත් නිපදවිමයි. මේ නිසා සිංහල වෙදකම ප්‍රචාරය කිරීම පිණිස පාසල් තුළ විෂයක් වශයෙන් එය උගන්විය හැක. මෙයින් රට තුළ හොඳ සෞඛ්‍යමත් පද්ධතියක් ගොඩ නැඟිය හැක.
අප සිතනවා ඉහත සඳහන් කළ කරුණු ඔබ සැලකිල්ලට ගනු ඇතැයි. ඒම නිසා සෞඛ්‍යයෙන් දියුණු කළ හැකි රටක් ගොඩනැඟිමට ඔබ සුදානම් ද??

No comments:

Post a Comment